Friday, February 26, 2010

Dialog Merchandising Drive - 2009 -10



Dialog Merchandising Drive - 2009 කියල කිවුවම කස්ටිය බලනව ඇති මේ මෙකක්ද බොලේ මේ කියල.Dialog Merchandising Drive කියන්නෙ ඩයලොග් අලංකාර අළෙවිසල තේරීමේ තරගය. ඩයලොග් Ref ගෙ ඉල්ලීම නිසාම මගෙ Shop ‍එකෙත් යාලුවො කස්ටියත් සෙට් කරගෙන Merchandising තරගෙට අපිත් සහභාගිවුනා.අපේ Blog කස්ටියත් දැකලත් ඇති රීලොඩ්,කාඩ් ගන්න ගියාම communication ලග එකේක විකාර කරල තියනව. මෙකෙදි Dialog Mobile,TV, Broadband,CDMA ගැන තමා හදන්න ඕනේ. අපිත් ඉතින් ඉඩතියෙන හැටියෙම මරු මරු නිර්මාණ වගයක් කලා. ඒව ගැන විස්තර ඉදිරියෙදි කියන්නන්කො. මෙකත් හරියට Super Star වගේ තමා වට 3ක් තිබුන. තරගයට කඩ 11000ක් විතර ඉදිරිපත් වෙලා තිබුන. පළවෙනි වටයෙන් තේරුනේ කඩ 7000යි.දෙවෙනි වටයෙන් තේරුනේ කඩ 4000යි.තුන්වෙනි වටයෙන් තේරුනේ කඩ 500යි.අපිත් කොහෙමහරි තුන්වෙනි වටයම පැන ගත්ත.

කොහොම වුනත් ඔය අතරෙ මරු මරු සිද්දි වුනා. තරගෙ මැද්දෙ Tigo,Mobitel,Airtel,HuTch බෝඩි,පොස්ටර් ගලවල Dialog ගහද්දි Tigo,Mobitel Ref දෙන්නට මාත් ඒක්ක හොදටම මලපැනල හිටියෙ.Airtel Ref නම් අවුලක් නෑ.
Merchandising තරගෙ මැද්දෙදි Airtel එකෙත් පොඩි තරගයක් ගියා මෙක ගැන Airtel Ref මට කලින් කියල තිබුනෙ. Airtel එකේ කස්ටිය ඇවිති Airtel ගැන පස්නයක් අහනව හරියට උත්තර දුන්නොත් Gift ඒකක් හම්බෙනව කියල. මත් ඉතින් Airtel 49,39 පැකේජ් විස්තර ලියාගෙන හිටියෙ. දවසක් අක්ක කෙනෙක් ඇවිත් "හොදම සිම් එක මොකක්ද?" කියල ඇහුව මම කිවුව "Dialog හරි Mobitel හරි ගන්න කියල" අක්ක ඇහුව " Airtel හොද නැද්ද?" කියල මම කිවුව "Airtel වල නෙට්වර්ක් කවරේජ් මදි කියල" අක්ක කියනව "මහත්මය අපි Airtel එකෙන් කියල" වැඩේ එතනිම්ම චාටර් වුනා.... මෙනව කරන්නද???....

කොහෙමහරි අපි තුන්වෙනි වටයම පැන ගත්තනෙ ඊට පස්සෙ Dialog එකේ ලොකු ලොක්කො ටික ඇවිත් බලල Video කරගෙන ගියා. 2010.02.27 වෙනිදට Gift දෙනව කියල Dialog Merchandising Drive party එකේ invitation card එක ආව. එ කියන්නෙ හෙට තමයි party එක තියෙන්නෙ.party එකට විස්තරයි අපි කරපු නිර්මාණ වල Photo ඉදිරියෙදි Post එකක දාන්නන්....


Dialog Merchandising වල ඔය කස්ටිය දැකපු නිර්මාණ මෙනවද කියල comments එකක් දාල යන්න..
කස්ටිය Merchandising ගැන හිතන්නෙ මෙනවද??????

2 comments:

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්.....
singlish වලින් ටයිප් කරන්න Google Transliterate පාවිචිචි කරන්න.