Friday, February 26, 2010

Dialog Merchandising Drive - 2009 -10



Dialog Merchandising Drive - 2009 කියල කිවුවම කස්ටිය බලනව ඇති මේ මෙකක්ද බොලේ මේ කියල.Dialog Merchandising Drive කියන්නෙ ඩයලොග් අලංකාර අළෙවිසල තේරීමේ තරගය. ඩයලොග් Ref ගෙ ඉල්ලීම නිසාම මගෙ Shop ‍එකෙත් යාලුවො කස්ටියත් සෙට් කරගෙන Merchandising තරගෙට අපිත් සහභාගිවුනා.අපේ Blog කස්ටියත් දැකලත් ඇති රීලොඩ්,කාඩ් ගන්න ගියාම communication ලග එකේක විකාර කරල තියනව. මෙකෙදි Dialog Mobile,TV, Broadband,CDMA ගැන තමා හදන්න ඕනේ. අපිත් ඉතින් ඉඩතියෙන හැටියෙම මරු මරු නිර්මාණ වගයක් කලා. ඒව ගැන විස්තර ඉදිරියෙදි කියන්නන්කො. මෙකත් හරියට Super Star වගේ තමා වට 3ක් තිබුන. තරගයට කඩ 11000ක් විතර ඉදිරිපත් වෙලා තිබුන. පළවෙනි වටයෙන් තේරුනේ කඩ 7000යි.දෙවෙනි වටයෙන් තේරුනේ කඩ 4000යි.තුන්වෙනි වටයෙන් තේරුනේ කඩ 500යි.අපිත් කොහෙමහරි තුන්වෙනි වටයම පැන ගත්ත.

කොහොම වුනත් ඔය අතරෙ මරු මරු සිද්දි වුනා. තරගෙ මැද්දෙ Tigo,Mobitel,Airtel,HuTch බෝඩි,පොස්ටර් ගලවල Dialog ගහද්දි Tigo,Mobitel Ref දෙන්නට මාත් ඒක්ක හොදටම මලපැනල හිටියෙ.Airtel Ref නම් අවුලක් නෑ.
Merchandising තරගෙ මැද්දෙදි Airtel එකෙත් පොඩි තරගයක් ගියා මෙක ගැන Airtel Ref මට කලින් කියල තිබුනෙ. Airtel එකේ කස්ටිය ඇවිති Airtel ගැන පස්නයක් අහනව හරියට උත්තර දුන්නොත් Gift ඒකක් හම්බෙනව කියල. මත් ඉතින් Airtel 49,39 පැකේජ් විස්තර ලියාගෙන හිටියෙ. දවසක් අක්ක කෙනෙක් ඇවිත් "හොදම සිම් එක මොකක්ද?" කියල ඇහුව මම කිවුව "Dialog හරි Mobitel හරි ගන්න කියල" අක්ක ඇහුව " Airtel හොද නැද්ද?" කියල මම කිවුව "Airtel වල නෙට්වර්ක් කවරේජ් මදි කියල" අක්ක කියනව "මහත්මය අපි Airtel එකෙන් කියල" වැඩේ එතනිම්ම චාටර් වුනා.... මෙනව කරන්නද???....

කොහෙමහරි අපි තුන්වෙනි වටයම පැන ගත්තනෙ ඊට පස්සෙ Dialog එකේ ලොකු ලොක්කො ටික ඇවිත් බලල Video කරගෙන ගියා. 2010.02.27 වෙනිදට Gift දෙනව කියල Dialog Merchandising Drive party එකේ invitation card එක ආව. එ කියන්නෙ හෙට තමයි party එක තියෙන්නෙ.party එකට විස්තරයි අපි කරපු නිර්මාණ වල Photo ඉදිරියෙදි Post එකක දාන්නන්....


Dialog Merchandising වල ඔය කස්ටිය දැකපු නිර්මාණ මෙනවද කියල comments එකක් දාල යන්න..
කස්ටිය Merchandising ගැන හිතන්නෙ මෙනවද??????

Thursday, February 25, 2010

Etisalat ආවෝ.... Tigo ඉවරෝ........



කලින් කිවුව වගේම Etisalat ආව. හැබැයි 3G,HSPA ගැනනම් වැඩි විස්තරයක් දාල නෑ.
කලින් ලිපියෙ කිවුව ‍වගේම විනාඩියට අය කරන පැකේජ එකක්නන් ඇවිත් ටීගෝ එක්ක තප්පරේට නැහිච්ච උන්ට නන් මරු වැඩේ.........

Outgoing Anytime
Anytime / Any Network Rs 2.40 per minute
Etisalat to Etisalat Rs 2 per minute
Incoming Totally Free
SMS - Any Local Network Rs 1/=
*Above Charges Excludes Government Taxes

අනික් නෙටිවර්ක් ඒක්ක බලද්දි call charges නම් වැඩි වෙනසක්නෑ
මොනව උනත් මට නමි Dialog තමයි.

කස්ටිය ‍Dialog,Mobitel,Etisalat,Airtel,HuTch යන නෙටිවර්ක් වලින් මොනවද පාවිච්චි කරන්නෙ කියල comments එකක් දාල යන්න..
කස්ටිය හිතන විදියට මෙවගෙන් හොදම නෙටිවර්ක් එක මොකක්ද?????????????

Wednesday, February 24, 2010

MuThu සින්ඩිකේටරයට



ඔන්න බලගෙන හිටපු ඊ මේල් 1ක් ආවා

හිතවත,

ඔබගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කල බව සතුටින් දැනුම්
දෙනවා, මින් ඉදිරියට ඔබ ලියන බ්ලොග් ලිපි සිංහල බ්ලොග් කියවනයේ දිස්වෙනු
ඇති.


සින්ඩිකේටරය සින්හල බ්ලොග් ලියන අපි වගෙ අය වෙනුවෙක් කරන දෙ අගය කරනවා බොහොම ස්ත්තුතියි...
අදට එච්චරයි.......
සින්ඩිකේටරයට ජය වේවා...........

Tuesday, February 23, 2010

Tigo - Etisalat

Tigo කොම්පැනි එක etisalat ලට විකුනුව කියල කස්ටිය දන්නව ඇති ඒත් Tigo කියලනේ තාම නම තියෙන්නෙ 25 වෙනිද ඉදන් etisalat කියල නම වෙනස් වෙනව කියල කියනව. ඒ එක්කම 3G,HSPA දෙවන කියල කියනව. මෙගොල්ලොත් දෙන HSPA අනික් නෙට්වර්ක් වල වගේ අල වෙයිද දන් නෑ. කොහෙම හරි තප්පරේටම හිරවෙලා හිටපු Tigo විනාඩියට වෙනව කියලත් කියනව ඇත්තද දන්නෑ.